ශ්‍රී ලංකාවට තවත් පදක්කම් 03ක්

ජූලි 14, 2023

    පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයෙන් රිදී පදක්කමක් හිමි කර ගැනීමට චින්තන විදානගේ අද සමත්වුණා.

    මේ අතර ඉන්දික දිසානායක ජ්‍යෙෂ්ඨ අංශයෙන් ලෝකඩ පදක්කමක් හිමි කර ගත්තා. තරගාවලිය පැවැත්වෙන්නේ, ඉන්දියාවේදී. චින්තන ගීතාල් විදානගේ කිලෝග්රෑම් 81 බර පන්තියෙන් තරග වැදුනා. ඔහු එහිදි ස්නෑච් ක්‍රමයෙන් එසවූ බර කිලෝග්රෑම් 128ක්. ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයෙන් කිලෝග්රෑම් 162ක බරක් එසවීමට චින්තන සමත් වුණා.

    කිලෝග්රෑම් 290ක සමස්ත බරක් එසවු චින්තන ගීතල් විදානගේ එහි රිදී පදක්කම හිමි කර ගත්තා. ඉන්දික දිසානායක නියෝජනය කළේ, කිලෝග්රෑම් 73 බර පන්තියයි. එහිදී, ඔහු ස්නැච් ක්‍රමයෙන් කිලෝග්රෑම් 130 ක බරක් එස වූ අතර, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයෙන් එස වූ බර කිලෝග්රෑම් 155 ක්. ඒ අනුව, කිලෝග්රෑම් 285 ක සමස්ත බරක් ඔසවමින් ඉන්දික දිසානායක එම බර පන්තියේ ලෝකඩ පදක්කම හිමි කර ගත්තා.

    ඔහු තම ක්‍රීඩා දිවියේදී හිමි කර ගත් 6 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ පදක්කම මෙයයි. මේ අතර, කිලෝග්රෑම් 73 බර පන්තියේ කනිෂ්ඨ අංශය නියෝජනය කළ එම් ඩී කරුණාරත්න එහි රන් පදක්කම හිමි කර ගත්තා. ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්ර මයෙන් කිලෝග්රෑම් 145 ක බරක් එසවූ ඔහු ස්නැච් ක්‍රමයෙන් කිලෝග්රෑම් 110 ක බරක් ඔසවනු ලැබුවා. ඒ අනුව ඔහු එස වූ සමස්ත බර කිලෝග්රෑම් 255 ක්.

    Latest News