ඉන්දීය අග්රාමාත්ය ශ්රී නරේන්ද්ර මෝදි මහතා ලබන 4 වැනිදා සිට 6 දක්වා ශ්රී ලංකාවේ රාජ්ය සංචාරයක නිරත වීමට නියමිතයි.
විදේශ කටයුතු අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම සංචාරයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟද ඉන්දීය අග්රාමාත්යවරයා ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.
ඉන්දීය අග්රාමාත්ය ශ්රී නරේන්ද්ර මෝදි මහතාගේ මෙරට සංචාරය අතරතුර පූජනීය ශ්රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමටද නියමිතයි.
ඉන්දීය රජයේ සහය ඇතිව මෙරට ක්රියාත්මක කරන ලද ව්යාපෘති කිහිපයක්ද ඒ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්යාංශය නිවේදනය කර තිබෙනවා.
මෙම සංචාරයේදි, දෙරට අතර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් ගණනාවක්ද හුවමාරු කර ගැනීමට නියමිතයි.
ඉන්දීය අග්රාමාත්ය ශ්රී නරේන්ද්ර මෝදි මහතා සමග මෙම සංචාරය සඳහා එරට විදේශ කටයුතු අමාත්යවරයා, ජාතික ආරක්ෂක උපදේශකවරයා, විදේශ ලේකම් සහ ඉන්දීය රජයේ අනෙකුත් ජ්යේෂ්ඨ නිලධාරින්ද සහභාගි වනු ඇති.