අන්තරේ කැඳවුම්කරු ඇතුළු 27ක් අත්අඩංගුවට

මාර් 28, 2025
    කොළඹ සෞඛ්ය අමාත්යාංශය ඉදිරිපිට ඊයේ (27) රාත්රියේ පැවති සත්යග්රහයේදී අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන මධුෂාන් චන්ද්රජිත් ඇතුළු ශිෂ්ක්රියාකාරීන් 27 දෙනේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    රාජ්ය විශ්වවිද්යාලවලින් සම සෞඛ්ය උපාධිධාරීන් වහාම රාජ්ය අංශයට බඳවා ගන්නා ලෙස ඉල්ලා ඔවුන් මෙම සත්යග්රහය ආරම්භ කර තිබුණා.

    මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්රය, සෞඛ්ය අමාත්යංශයට ඇතුලුවීම හා ඒ අවට මාර්ග අවහිර වන ලෙස උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් ඔවුන්ට මාළිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයෙන් නියෝගයක් ද නිකුත් කර තිබුණා.

    කෙසේ නමුත්, ඊයේ (27) රාත්රීයේ පොලීසිය පැමිණ විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කළ අවස්ථාවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මත ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News