දේශබන්දුගේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

මාර් 17, 2025
    2023 වසරේ මාතර, වැලිගම ප්රදේශයේ පිහිටි ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි ප්රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගයක් ක්රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් අද නිෂ්ප්රභ කළා.

    ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා නිසාත් මිනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා.

    දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් ඉකුත් 12 වනදා අභියාචනාදීකරණය හමුවේ සලකා බැලුනා.
     
    එහි තීන්දුව අද පෙරවරුවේ ප්රකාශයට පත් කළ අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ අදාළ පෙත්සම විභාගයට ගැනීමකින් තොරව නිශ්ප්රභ
    කරන බවයි.
    Last modified on සදුදා, 17 මාර්තු 2025 11:13

    Latest News