එංගලන්ත කණ්ඩායම 2023 ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට අද සුදුසුකම් ලබා ගත්තා.

2023 ආසියානු කුසලාන බී කාණ්ඩයේ කාන්තා පැසිපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගය ජෝදානය ජය ගත්තා.

LPL ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද පැවැත්වෙනවා.ඒ Colombo strikers සහ Galle Titans කණ්ඩායම් අතරයි.ඊයේ පැවති තරගයෙන් B-Love Kandy කණ්ඩායම පරාජය කරමින් කරමින් Dambulla Aura කණ්ඩායම ජය වාර්තා කළා.

LPL ක්‍රිකට් තරගාවලියේ බී ලව් කැන්ඩි කණ්ඩායම සමග ඊයේ පැවති තරගයෙන් ජය ගැනීමට කළම්බෝ ස්ට්‍රයිකර්ස් කණඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.

එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 ට පිවිසීමට දඹුල්ල අවුරා සහ බී ලව් කැන්ඩි කණ්ඩායම් සමත් වුණා.

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ඉසිපතන විද්‍යාලයීය අපරාජිත ගමන බිඳ දැමීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුණා.

යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට අයෝමාල් අකලංක සමත්වුණා.

යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්ව සඳහා සහභාගි වන අයෝමාල් අකලංක එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තා.

2023 LPL තරගාවලියේ 12 වන තරගය බී ලව් කැන්ඩි සහ ගෝල් ටයිටන්ස් අතර අද දහවල් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

පසුගිය අගෝස්තු 05 වැනි දා දබුල්ල අවුරා සහ කලම්බෝ කණ්ඩායම් අතර පැවැත්වුණු 8 වැනි තරගය අතරතුර LPL ආචාරධර්ම කඩ කිරීමේ වරද වෙනුවෙන් කුසල් මෙන්ඩිස්, චාමික කරුණාරත්න සහ හසන් අලී යන ක්‍රීඩකයින්ට දඩ සහ දඬුවම් ලකුණු නියම කර තිබෙනවා.

වසර ගණනාවක් ජාතික දැල්පන්දු කණ්ඩායමේ නිත්‍ය සාමාජිකාවක් ලෙස කටයුතු කළ තර්ජනී ශිවලිංගම් තමා ජාතික කණ්ඩායමෙන් සමු ගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

12 වන වතාවටත් දැල්පන්දු ලෝක කුසලානය දිනාගන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

අරුණ දර්ශන හා ගයන්තිකා අබේරත්න ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ කේවල ඉසව් සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

ශ්‍රී ලංකා 4x400 කණ්ඩායම හංගේරියිවේ දී ලබන 19 වැනිදා ආරම්භවන ලෝක ශූරතා මලල තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා.

දැල්පන්දු ලෝක කුසලානයේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අසමත් වුණා.

දඹුල්ල අවුරා සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතර තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගය ලකුණු 49 කින් ජය ගැනීමට එංගලන්තය සමත් වුණා.

ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (01) පැවැත්වෙනවා.

මීටර 110 කඩුලු මතින් දිවීමේ පිරිමි ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ජනිදු ලක් විජය අද සමත් වුණා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව් වැනි අදියර හෙට ආරම්භ වීමට නියමිතයි.

Latest News