මිලියන 3.8ක සහල් ‍තොගයක් රාජසන්තක වූ හැටි

මාර් 20, 2025
    නීති විරෝධි ලෙස ගබඩා කර තිබියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගත් සහල් කිලෝ 15,000 ක් රාජසන්තක කර තිබෙනවා.

    ඒ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය මඟින්.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කොළඹ පරණ යොන් වීදිය ප්රදේශයේ වෙළඳසැලක් පරීක්ෂා කිරීමේදි මෙම සහල් තොගය සොයාගෙන තිබුණා.
     
    එම වෙළෙඳසැලෙහි හිමිකරු ඇතුළු තිදෙනෙකුට එරෙහිව නඩු පැවරීමටයි ක්රියා කෙරුණේ.
     
    කීරි සම්බා කිලෝ 5 ඇසුරුම් 3000 ක්ද මෙහිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එහිදි අධිකරණය තීන්දු කළේ එම සහල් තොගය රාජසන්තක කිරීමටයි.
    සහල් තොගයේ වටිනාකම රුපියල් මිලියන 3.8 කට අධිකයි.
     
    වෙළෙඳපොලේ සහල් වැඩි මිලට අලෙවි කිරීම සහ සඟවා තබාගැනීම සම්බන්ධයෙන් වැටලීම් අඛණ්ඩව ක්රියාත්මක වෙනවා.
     
    එහිදි සම්බා සහ කීරි සම්බා සහල් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් වැටලීම් සිදුකරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ.
     

    Latest News