ට්‍රම්ප්ගේ සටන් විරාමයට පුටින්ගේ කැමැත්ත

මාර් 20, 2025
    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුක්‍රේන ජනාධිපති ව්ලොදමීර් සෙලෙන්ස්කි අතර පැයක දුරකතන සංවාදයක් පවත්වා තිබෙනවා.

    ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ මේ වසර තුළ කල් පවත්නා සාමයක් අත්කර ගත හැකි බවට විශ්වාසය පළකළ හැකි ධනාත්මක සංවාදයක් පැවැත්වු බවයි සෙලෙන්ස්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

    මීට සති කිහිපයකට පෙර ධවල මන්දිරයේ “ඕවල්” කාර්යාලයේදි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා සෙලෙන්ස්කි අතර මතභේදාත්මක සංවාදයකින් පසු දෙපාර්ශ්වය අතර සංවාදයක් පැවති පළමු අවස්ථාව මෙයයි.
    දුරකතන සංවාදයේ මූලික පදනම වුයේ ට්‍රම්ප් ජනාධිපතිවරයා මීට දින දෙකකට පෙර පුටින් ජනාධිපතිවරයා සමග දුරකතනයෙන් සිදුකළ සංවාදයෙහි සාකච්ඡා වු කරුණු පිළිබඳවයි.
    ට්‍රම්ප්, සෙලන්ස්කි ජනාධිපතිවරුන් ප්‍රකාශ කොට ඇත්තේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාර ඉක්මණින් නැවැත්වීමට ක්‍රියා කළයුතු බවටයි.
    යුක්‍රේන සහ රුසියානු සටන් විරාමයේ නියමයන් තවදුරටත් රුසියාව උල්ලංඝණය කළහොත් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවටයි යුක්‍රේන ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇත්තේ.
    රුසියාව සහ යුක්‍රේනය ඊයේ දෙරටෙහි යටිතල පහසුකම්වලට ගුවන් ප්‍රහාර එල්ල කළා.
    ඒ රුසියාව යුක්‍රේනයේ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල කරන ප්‍රහාර දින 30කට නතර කිරීමට ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකඟතාවය පළකර පැය කිහිපයකට පසුවයි.
    රුසියානු සහ අමෙරිකානු ජනාධිපතිවරුන් අතර ඉකුත් අඟහරුවාදා පැවති දුරකතන සංවාදයේදි මෙම එකඟතාවයන් පිළිබඳ කරුණු ඉදිරිපත් කෙරිණ.
    එම ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ සිවිල් යටිතල පහසුකම් සහ දුම්රිය මාර්ගවල විදුලි පද්ධති රැසකටද රුසියානු ඩ්‍රෝන ප්‍රහාර එල්ල වුණා.
    රුසියාවේ තෙල් ගබඩාවකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක්ද එල්ල වි ඇති බවයි රුසියානු බලධාරින් ප්‍රකාශ කළේ.
    පුටින් අතර පැවති සංවාදයේදි දින 30 ක සටන් විරාමයකට රුසියාව එකඟතාවය පළකළද පූර්ණ සටන් විරාමයකට පුටින් ජනාධිපතිවරයා එකඟ වී නොමැති බවයි සඳහන් වන්නේ.
    කෙසේවෙතත් ඉදිරි සටන් විරාමයක් පිළිබඳ නව සාකච්ඡා සෞදි අරාබියේදි ඉරිදා නැවත ආරම්භ වීමට නියමිත බව අමෙරිකානු මැද පෙරදිග විශේෂ නියෝජිත ස්ටීව් විට්කෝෆ් ප්‍රකාශ කරනවා.
     

    Latest News