කටුගස්තොට පාලමෙන් තරුණියක් මහවැලි ගඟට වැටී ඇති බවට එම ස්ථානයට ආසන්නයේ රථවාහන රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල් හේරත් (103984) නම් නිලධාරියාට ප්රදේශවාසීන් විසින් දැනුම්දී ඇත.
ඒ අනුව වහාම ක්රියාත්මක වූ එම නිලධාරියා පාලම මතින් මහවැලි ගඟට පැන එම තරුණිය බේරාගෙන තිබෙනවා.
මෙලෙස දිවි බේරාගත් තරුණිය වයස අවුරුදු 21 ක් වන කටුගස්තොට ප්රදේශයේ පදිංචිකාරියකි.
එම තරුණිය මේ වන විට වැඩිදුර ප්රතිකාර සඳහා කටුගස්තොට රෝහලට ඇතුළත් කර ඇත.