වැලිගම වෙඩිතැබීමට සෙසු සැකකරුවන්ව අත්අඩංගුවට නොගන්නැයි නියෝගයක්

මාර් 16, 2025
    අභියාචනාධිකරණයේදී ඇතිකර ගත් එකඟතාව මත මූලික විමර්ශන අවසන් වන තෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 06දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

    ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමෙන් පසු ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසටත් නීතිපතිවරයා උපදෙස් දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

    වැලිගම ප්‍රදේශයේදී සිදුවු වෙඩි තැබීමකට අදාළ සැකකරුවන් වශයෙන් ධුරයේ රාජකාරී අත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ තවත් සැකකරුවන් 06දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙසට මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝගයක් නිකුත් කර තිබෙනවා.
    පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත්කළ නිවේදනය,
     
    2025.03.16 at 1500 ධූරයේ වැඩ අත්හිටවන ලද පොලිස්පති ඇතුළු සැකකරුවන්ට අදාල විමර්ශන ප් රගතිය page 0001

    Latest News