සංජීව ඝාතන සිද්ධියට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

මාර් 22, 2025
    සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව යන අයව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ අනුව මෙම අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව සම්බන්ධයෙන් මාදම්පිටිය පොලිස් වසමේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම සැකකරුව ඊයේ (21) දින අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සැකකරු ජූලියන් මාදවන් නම් 23 හැවිරිදි කොළඹ 15 හෙළමුතු සෙවණ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
     
    පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු අධිකරණ සංකීරණයේ පිහිටි අධිකරණ ශාලාවන් පෙන්වා සිටිමින් මනුෂ්ය ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති බවයි.
     
    ඒ අනුව මේ දක්වා මෙම අපරාධයට අදාලව සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
     
    කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

    Latest News