වාර්තා අලුත්කළ රිදී පදක්කම

ජූලි 16, 2023

    ජාතික වාර්තාව අලුත් කරමින් ශ්‍රී ලංකාව මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මිටර 400×4 මිශ්‍ර සහය ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ ය.

    ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය නිම කළ කාලය සටහන් වී ඇත්තේ 3:15.41ක් ලෙසයි.

    එහිදී අරුණ දර්ශන, තරුෂි කරුණාරත්න, කාලිංග කුමාරගේ සහ නදීෂා රාමනායක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ය.

    එය, නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සටහන් විය. ශ්‍රී ලංකාව එම තරගයේ රිදී පදක්කම දිනාගනිද් දී රන් පදක්කම හිමිකරගත්තේ, ඉන්දියාව විසින්. ලෝකඩ පදක්කම ජපානයට හිමිවිය.

    මෙම තරගාවලිය පැවැත්වෙන්නේ තායිලන්තයේ බැංකොක් නුවරදී.

    Latest News