ඉන්දියා-ඉන්දීය කොදෙව් පළමු එක්දින තරගයෙන් ඉන්දියාවට ජය

ජූලි 28, 2023

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු එක් දින ක්‍රිකට් තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

    තරගය පැවැත්වුණේ, බාබඩෝස්හිදී.

    පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 23 ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළේ, ලකුණු 114 ක් පමණයි. නායක ශායි හෝප් ලකුණු 43 යි. පන්දු යැවීමේදී කුල්දීප් යාදේව් කඩුලු 4 ක් සහ රවීන්ද්‍ර ජඩේජා කඩුලු 3 ක් බිඳ හෙලුවා. පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 22 යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 118 ක් රැස් කරමින්. ඉෂාන් කිෂන් ලකුණු 52 යි.

    Latest News