කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ජූලි 24, 2023

    අද (24) කොළඹ SSC පිටියේ දී ආරම්භ වූ ශ්‍රී ලංකා - පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩයම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

    මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබෙනවා.

    ඒ අනුව, වේගපන්දු යවන ක්‍රීඩකයින් වන අසිත ප්‍රනාන්දු සහ දිල්ශාන් මධුශංකව මෙම තරගය සඳහා කැඳවා ඇති අතර මෙය දිල්ශාන් මධුශංක ගේ මංගල ටෙස්ට් තරගය වනවා.

    මෙම ටෙස්ට් තරගය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම

    දිමුත් කරුණාරත්න (නායක)
    නිශාන් මධුෂ්ක
    කුසල් මෙන්ඩිස්
    ඇන්ජෙලෝ මැතිව්ස්
    දිනේෂ් චන්දිමාල්
    ධනංජය ද සිල්වා
    සධීර සමරවික්‍රම
    රමේෂ් මෙන්ඩිස්
    ප්‍රභාත් ජයසූරිය
    අසිත ප්‍රනාන්දු
    දිල්ශාන් මධුශංක

    Latest News