කෝකිලායි පොලිස් වසමේ නයාරු වෙරළ තීරයේ දිය නාමින් සිටි තරුණියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (31) දහවල් පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ පුදුකුඩිඉරුප්පු ප්රදේශයේ පදිංචි අවුරුදු 19ක තරුණියක්.
විනෝද චාරිකාවක් සඳහා පුදුකුඩිඉරප්පු ප්රදේශයේ සිට පැමිණි ඇඟළුම් පාඨමාලවක් හදාරන ශිෂ්යාවන් හා එහි ගුරුවරිය ඇතුළු 16 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් නයාරු වෙරළ තීරයේ දිය නාමින් සිටියදී තරුණියන් දෙදෙනෙකු මුහුදට ගසාගෙන ගොස් ඇත.
එම අවස්ථාවේ ඔවුන් බේරා ගැනීමට උත්සහ කළ ගුරුවරියද ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇත.
නාවික හමුදා නිලධාරින් විසින් ගුරුවරිය හා එක් තරුණියක් බේරාගෙන ඇති අතර අනෙක් තරුණිය දියේ ගිලී අතුරුදන් වී ඇත.
අනතුරුව පොලිසිය, නාවික හමුදා නිලධාරින් සහ ප්රදේශයේ ධීවර ජනතාව එක්ව සිදුකළ මෙහෙයුමකදී අතුරුදන් වු තරුණියගේ මෘත ශරීරය නයාරු නාවික හමුදා කඳවුර පිටුපස වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගෙන තිබෙනවා.
බේරාගත් දෙදෙනා මේ වන විට මාන්චෝල රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන අතර මියගිය තරුණියගේ මෘත ශරීරය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
කෝකිලායි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.