RCB, පංජාබ් අඬවයි

අප්‍රේ 21, 2025
    IPL ක්රිකට් තරගාවලියේ පංජාබ් කිංග්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය කඩුලු 7 කින් ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූර් කණ්ඩායම සමත් වුණා.
    තරගය පැවැත්වුණේ, මුලන්පූර්හිදී.
     
    පළමුවෙන් පන්දුවට පහර දුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 157 ක් රැස් කළා.
     
    ප්රබ් ෂිම්රාන් සිං ලකුණු 33 ක් ලබාගත් අතර, ෂෂාංක් සිං නොදැවී ලකුණු 31 යි.
     
    පන්දු යැවීමේදී කෲනාල් පාන්ඩ්යා සහ සුයාෂ් ෂර්මා කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.
     
    පිළිතුරු ලෙස රෝයල් චැලෙන්ජර්ස් බොංගලූර් කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 18 පන්දු 5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 159 ක් රැස් කරමින්.
     
    විරාත් කෝලි නොදැවී ලකුණු 73 යි. දෙව්දත් පඩික්කාල් ලකුණු 61 ක් ලබා ගත්තා.

    Latest News