SSC කී‍්‍රඩා සමාජයේ කි‍්‍රකට් කමිටුවේ සභාපතිවරයා ලෙස ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පත් කර ඇත.

“ඌව ප්‍රිමියර් ලීග්“ ක්‍රිකට් තරගාවලිය ලෙස “ව්‍යාජ 20-20 තරගාවලියක්“ පවත්වා ඔට්ටු තැබීමේ ජාවාරමක නිරතවීම සම්බන්ධයෙන් ඉන්දියාවේ මොහාලි පොලිසිය වැටලීම් රැසක් සිදුකර තිබේ.

21 වැනි ශත වර්ෂයේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මුත්තයියා මුරලිදරන් නම් කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් නුවරඑළියේ දී සංවිධාන කෙරිණ.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාවාදුන්නේ යැයි තමා සැකකරන බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට තමා ප්‍රතිචාර නොදක්වන බව, හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, කෙවින් රොබට්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩි හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සංවිධායක මඩුල්ලේ තනතුරක් දැරීමට ශ්‍රී ලංකාවේ සුජීව විජේනායකට අවස්ථාව හිමිව තිබේ.

සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද භාවිත කරමින් ක්‍රීඩා 6ක පුහුණුවීම් හෙට යලි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් මෙරට ජාතික ක්‍රීඩා සංචිත සියල්ලේම පුහුණුවීම් මාස දෙකකට අධික කාලයක් තිස්සේ පැවැත්වීමට නොහැකි විය.

එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට කොදෙව් ක්‍රීඩකයින් තිදෙනෙකු ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ සහ පන්දු යැවීමේ පුහුණුවීම් අද ආරම්භ කෙරිණ. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් 13 දෙනෙකු ඊයේ මෙම පුහුණු සැසිය සදහා කැදවනු ලැබූ අතර, පළමු දිනයේදී ඔවුන්ට ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් සිදු කෙරිණ.

මාස 3ට අධික කාලයක් නැවතී තිබූ ලොව ප්‍රධාන පෙළේ පාපන්දු තරගාවලියක් වන ඉතාලියේ සෙරියේ A අන්තර් සමාජ පාපන්දු තරගාවලිය ජූනි මස 13 සිට ඇරඹීමට තීරණය කළ බව ඉතාලි පාපන්දු සංගමය පවසයි.

46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙළ දින නියමයක් නොමැතිව කල්දැමීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත්‌ මාලිංග ඉන්දීය ප්‍රිමිය ලීග්‌ කික්‍රිට්‌ ඉතිහාසයේ ක්‍රීඩා කළ හොඳම ක්‍රීඩකයින්‌ 11 දෙනාගේ කණ්ඩායමට තේරී‌ පත්ව තිබෙනවා.

මෙවර අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ විදෙස් ක්‍රීඩකයින් නොමැතිව ප්‍රේක්‍ෂකයින්ගේ සහභාගිත්වයෙන් තොරව පැවැත්විය හැකි බව, ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මැතිව් හේඩින් පවසයි.

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත තරගාවලිය සැලසුම් කළ පරිදි සිදු කිරීමට නොහැකි වනු ඇතැයි, ඉන්දීය ක්‍රිකට් ආයතන පවසයි.

ස්පාඤ්ඤයේ මුල් පෙළ පාපන්දු ක්‍රීඩකයන් 5 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තාවේ.

කොරෝනා ව්‍යාප්තියත් සමග වසා දමා තිබූ කී‍්‍රඩාංගණ යළි පේ‍්‍රක්‍ෂකයින් වෙනුවෙන් විවෘත කිරීමට තායිලන්ත බලධාරීන් පියවර ගෙන තිබේ.

පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ දින 14ක් නිරෝධායනයට යොමු කිරීමට ඉතාලි බලධාරීන් පියවර ගෙන තිබේ.

අද උවැසි-උවැසියන් බොහෝ දෙනෙක් සිල් සමාදන් වුණේ තමන්ගේ නිවස තුළ. පන්සල්වල, නිවෙස්වල සිල් සමාදන් වන පිරිසට අමතරව, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතන පරිශ්‍රයේ ද තවත් පිරිසක් සිල් සමාදන් වුණා.

Latest News