IPL හොඳම ක්‍රීඩකයින්‌ 11 දෙනාට ලසිත්‌ මාලිංග

මැයි 25, 2020

    ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත්‌ මාලිංග ඉන්දීය ප්‍රිමිය ලීග්‌ කික්‍රිට්‌ ඉතිහාසයේ ක්‍රීඩා කළ හොඳම ක්‍රීඩකයින්‌ 11 දෙනාගේ කණ්ඩායමට තේරී‌ පත්ව තිබෙනවා.

    ප්‍රේක්ෂක ඡන්ද විමසීම සිදු කළේ, බී බී සී ලෝක සේවයයි.

    බී බී සී පරිශීලකයින්‌ විසිපන්දහසක්‌ පමණ යොදා ගනිමින්‌ මෙම ඡන්ද විමසීම සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක ලසිත්‌ මාලිංග මෙම ඡන්ද විමසීමේදී පරිශීලකයින්‌ අතරින්‌ සියයට 93 ක ප්‍රතිශතයකින්‌ තෝරාගෙන තිබීම විශේෂත්වයක්‌. එය ක්‍රීඩකයෙකු සඳහා හිම්‌ වූ වැඩිම ඡන්ද ප්‍රතිශතය ද වනවා. ඒ බී ඩිවිලියස්ට ද එම ඡන්ද ප්‍රතිශතයම හිමිවුණා.

    මේ අතර, අයි පී එල්‌ ඉතිහාසයේ ලසිත්‌ මාලිංග යෝකර් පන්දු 525ක්‌ යොමුකළ බවටද බී බී සී ලෝක සේවය මෙහිදී අනාවරණය කළා. සෙසු පන්දු යවන්නන්‌ හා සැසඳීමේදී ලසිත්‌ මාලිංග යෝකර් පන්දු 325ක්‌ ඉදිරියෙන්‌ සිටින බවයි, වාර්තා වුණේ.

    Latest News