රොනල්ඩෝ දින 14ක් නිරෝධායනයට

මැයි 07, 2020

    පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ දින 14ක් නිරෝධායනයට යොමු කිරීමට ඉතාලි බලධාරීන් පියවර ගෙන තිබේ.

    රොනල්ඩෝ පසුගියදා ඉතාලියේ සිට සිය මව් රට වන පෘතුගාලය බලා පිටත්ව ගියේ සිය පවුලේ සාමාජිකයන් දැකබලා ගැනීමටයි. මාස දෙකකට අධික කාලයක් පෘතුගාලයේ රැඳී සිටිමෙන් පසුව ඔහු යළි ඉතාලියට පැමිණ තිබේ. ඉතාලියේ ටියුරින් නුවරට පැමිණිමෙන් පසුවයි ඉතාලි බලධාරීන් ඔහු දින 14ක නිරෝධායනයට යොමුකර ඇත්තේ.

    Latest News