IDH රෝහල් පරිශ්‍රයේ සිල් සමාදන්වීම

මැයි 07, 2020

    අද උවැසි-උවැසියන් බොහෝ දෙනෙක් සිල් සමාදන් වුණේ තමන්ගේ නිවස තුළ. පන්සල්වල, නිවෙස්වල සිල් සමාදන් වන පිරිසට අමතරව, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතන පරිශ්‍රයේ ද තවත් පිරිසක් සිල් සමාදන් වුණා.

    මේ වනවිට ලෝකයේම පාහේ කොරෝනා වසංගතයට මුහුණ දී සිටී. හැම දෙනෙක්ම පාහේ සමාජ දුරස්ථභාවය රැක ගනිමින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ජීවත්වේ. මෙම රෝගයට ගොදුරු වූ අපේම සමීපතමයින් පිරිසක් අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සමරන අද දින ඔවුනුත් සිල් සමාදන් වූහ. දහවල් දානය පිරිනැමුවේ රෝහල් සේවක මණ්ඩලයයි. දිවා රෑ නොබලා අප්‍රතිහත ධෛර්යෙන් යුතුව රෝගීන් ගැන කාරුණිකව සොයා බලන රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ද සිල් සමාදන් වූහ. අපි රෝහල් ගතව සිටින සියලුම දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔවුන් වෙනුවෙන් කැපවී සිටින සියළුම දෙනාට ශක්තිය සහ ධෛර්ය ප්‍රාර්ථනා කරන අතර අප රටින් මේ ව්‍යවසනය ඉක්මණින් දුරුවේවැයි කියා මේ වෙසක් පුන් පොහෝ දිනයේ ප්‍රාර්ථනා කරනවා.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 මැයි 2020 20:25

    Latest News