තරග පාවාදීම ගැන මුරලිගේ ප්‍රතිචාරය

ජූනි 28, 2020

    2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාවාදුන්නේ යැයි තමා සැකකරන බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට තමා ප්‍රතිචාර නොදක්වන බව, හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

    ඔහු සඳහන් කරන්නේ, අමාත්‍යවරයා මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩකයින්හට චෝදනා එල්ල නොකරන බවයි. එහිදී අදහස් දැක්වූ

    මුත්තයියා මුරලිදරන්....

    “ඇමතිතුමා කිව්ව එක මම ඇහුවා. ඇත්තටම එයා කියන්නේ මේකට ක්‍රීඩකයෝ සම්බන්ධ නැහැ කියන එක. මම 2011 දී ක්‍රීඩකයෙක්. එයා සම්බන්ධ නැහැ කිව්වහම මම මොකටද මේක ගැන කියන්නේ. මට කිසිම ප්‍රශ්නයක් නැහැ, එයා ක්‍රීඩකයෝ සම්බන්ධ නැහැ කිව්වහම“ යැයි මුරලිදරන් පැවසීය.

    Latest News