තවත් ක්‍රීඩා 6ක පුහුණුවීම් හෙට ඇරඹේ

ජූනි 07, 2020

    සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද භාවිත කරමින් ක්‍රීඩා 6ක පුහුණුවීම් හෙට යලි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

    කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් මෙරට ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම් සිදුකිරීමට හැකිවුණේ නැහැ. කබඩි,වූෂු,මළල ක්‍රීඩා,බර ඉසිලීම්,ටෙනිස් හා ජිම්නාස්ටික් යන ක්‍රීඩාවල ජාතික සංචිත නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්හට හෙට සිට යළිත් පුහුණුවීමට අවස්ථාව ලැබෙන බවයි ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

    හෙට උදෑසන 10.30ට මෙම සියලු ක්‍රීඩාවල ජාතික පුහුණුකරුවන්, සංගම්වල නියෝජිතයින් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා විශේෂ සාකච්ජාවක් පැවැත්වෙන්නේ ඉදිරියේ දී පුහුණුවීම් සිදුකරන අවස්ථාවේ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම භාවිත කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහායි.

    Last modified on ඉරිදා, 07 ජූනි 2020 18:04

    Latest News