ඔලිම්පික් සංවිධායක මඩුල්ලට ලංකාවෙන් සුජීව

ජූනි 08, 2020

    ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සංවිධායක මඩුල්ලේ තනතුරක් දැරීමට ශ්‍රී ලංකාවේ සුජීව විජේනායකට අවස්ථාව හිමිව තිබේ.

    ඒ සංවිධායක කමිටුවේ බේස්බෝල හා සැහැල්ලුපන්දු සංවිධායක මඩුල්ලේ නියෝජ්‍ය තාක්ෂණික මෙහෙයුම් කළමනාකරු ලෙසයි. කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මේ වසරේ පැවැත්වීමට තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල ලබන වසර දක්වා කල් දැමිණ.

    එය, 2021 ජුලි 23 වැනි දින ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනූව, සුජීව විජේනායක නියෝජ්‍ය තාක්ෂණ මෙහෙයුම් කළමනාකරු ලෙස වසර එක හමාරක කාලයක් කටයුතු කරනු ඇති. ඔහු ජාත්‍යන්තර බේස්බෝල් තරග විනිසුරුවරයෙකු ලෙස 2010 වසරේ සිට ක්‍රියා කරයි. සුජීව විජේනායකට මෙවර ඔලිම්පික් කමිටුවේ තනතුරක් හිමිව ඇත්තේ, ජපාන ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජපානයේ ඔලිම්පික් කමිටුවෙන්. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී තනතුරක් දරන එකම ශ්‍රී ලාංකිකයා ඔහුයි.

    Latest News