එංගලන්ත-කොදෙව් ක්‍රිකට් තරගාවලිය; කොදෙව්වන් 3ක් ප්‍රතික්ෂේප කරයි.

ජූනි 05, 2020

    එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට කොදෙව් ක්‍රීඩකයින් තිදෙනෙකු ප්‍රතික්ෂේප කර තිබේ.

    එංගලන්ත තරගාවලිය සඳහා කොදෙව් සංචිතය පසුගියදා නම් කරනු ලැබීය. ඊට ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් ප්‍රධාන සංචිතයට සහ අමතර ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් සංචිතයට ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුලත් වූයේ නැහැ. ඒ කිමෝපෝල්, ශිම්රන් හෙට්මයර් සහ ඩැරන් බ්‍රාවෝ යන ක්‍රීඩකයින් තිදෙනායි. දෙරට අතර තරග තුනකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජුලි 08 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.

    Last modified on සිකුරාදා, 05 ජූනි 2020 18:39

    Latest News