ජාතික ක්‍රීඩා සංචිතවල පුහුණුවීම් ඇරඹේ

ජූනි 06, 2020

    කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් මෙරට ජාතික ක්‍රීඩා සංචිත සියල්ලේම පුහුණුවීම් මාස දෙකකට අධික කාලයක් තිස්සේ පැවැත්වීමට නොහැකි විය.

    ජාතික රග්බි කණ්ඩායමේ පුහුණුවීම් තාවකාලිකව නතර කෙරුණේ මාර්තු 20 වැනි දිනයි. 

    මෙරට ජාතික ක්‍රීඩා සංචිතයන්හි පුහුණුවීම් යලි ආරම්භ කරන ලෙසට ක්‍රීඩා අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා අනුමැතිය ලබා දුන්නේය.

    ඒ අනුව, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ කෙරුණේ, ජුනි මස පළමුවැනිදායි. ජාතික රග්බි සංචිතයේ පුහුණුව්මී ද එදින ආරම්භ කරන ලෙසට ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට දැනුම් දී තිබිණ. නමුත්, එම පුහුණුවීම් ආරම්භ කිරීමට ඔවුන්ට අවස්ථාව හිමි නොවීය. ඒ සංචිතය වෙනුවෙන් ක්‍රීඩකයින් නම්කර නොතිබීම හේතුවෙන්. ශ්‍රී ලංකා රග්බි සම්මේලනය මේ වනවිට සංචිත සඳහා ක්‍රීඩකයින් නම්කර ඇති අතර, ඔවුන් එම නම් තම නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත්කර තිබිණ.

    ඒ අනුව, ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම සහ සත් සාමාජික කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සඳහා ද සංචිත නම් කර තිබේ. ඉදිරියේදී මෙම පුහුණුවීම් ආරම්භ කිරීමට හැකි බව ශ්‍රී ලංකා රග්බි සම්මේලනය පවසයි.

    Latest News