ශ්‍රී ලංකා-ඉන්දියා තරගාවලිය පැවැත්වීමට නොහැක; ඉන්දීය ක්‍රිකට් ආයතන

මැයි 17, 2020

    ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත තරගාවලිය සැලසුම් කළ පරිදි සිදු කිරීමට නොහැකි වනු ඇතැයි, ඉන්දීය ක්‍රිකට් ආයතන පවසයි.

    කොරෝනා වසංගත තත්වය ඊට හේතුවයි. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලබන ජුලි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබිණ. වත්මන් තත්වය හමුවේ, එම තරගය අවලංගු කිරීමට සිදුවන බව, ඉන්දීය ක්‍රිකට් ආයතනය විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත. මේ වනවිට ඇතැම් ක්‍රීඩකයන් ඉන්දියාවේ මුම්බායි හා බැංගලෝර්හි සිරවී සිටින බව ද වාර්තාවේ. ඉන්දීය නායක විරාට් කෝලි, රෝහිත් ෂර්මා වැනි ක්‍රීඩකයන් ද ඒ අතර සිටින බවත්, ඔවුන් නොමැතිව සංචාරය පිළිබඳ තීරණයක් ගත නොහැකි බවත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ජුලි මාසයේ දී එක්දින සහ 20-20 තරග ඇතුළත් තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබිණ.

    Latest News