IPL ශ්‍රී ලංකාවේ පැවැත්වීම වඩාත් යෝග්‍යයි; මැතිව් හේඩින්

මැයි 18, 2020

    මෙවර අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ විදෙස් ක්‍රීඩකයින් නොමැතිව ප්‍රේක්‍ෂකයින්ගේ සහභාගිත්වයෙන් තොරව පැවැත්විය හැකි බව, ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මැතිව් හේඩින් පවසයි.

    ලොව පුරා පවතින සංචරණ සීමා හේතුවෙන් විදෙස් ක්‍රීඩකයින් අයි.පී.එල්. තරගාවලිය ක්‍රීඩා කිරීමට ඉන්දියාවට පැමිනිමට නොහැකි බව ද හේඩින් පෙන්වා දෙනවා. එමෙන්ම, ඉන්දියාවයට මෙවර අයි.පී.එල්. තරගාවලිය එරට දී සංවිධානය කළ නොහැකි නම්, ශ්‍රී ලංකාව වැනි රටක පැවැත්වීම වඩාත් යෝග්‍ය බව මැතිව් හේඩින් සඳහන් කළේය. මෙවර අයි.පී.එල්. තරගාවලිය මාර්තු 29 ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද කොරෝනා හේතුවෙන් එය දින නියමයක් නොමැතිව කල් දැමිණ.

    Latest News