මාස 3ක් නැවතී තිබූ ඉතාලි පාපන්දු තරග යළි ඇරඹේ

මැයි 28, 2020

    මාස 3ට අධික කාලයක් නැවතී තිබූ ලොව ප්‍රධාන පෙළේ පාපන්දු තරගාවලියක් වන ඉතාලියේ සෙරියේ A අන්තර් සමාජ පාපන්දු තරගාවලිය ජූනි මස 13 සිට ඇරඹීමට තීරණය කළ බව ඉතාලි පාපන්දු සංගමය පවසයි.

    කොවිඩ් නීති රීතිවලට අනූව සියලුම ක්‍රීඩකයන් හා ක්‍රීඩා සමාජ කටයුතු කිරීමට නියමිත බව ඉතාලි පාපන්දු සංගමය පවසයි. සියලු පාපන්දු තරග රූපවාහිනී මගින් විකාශනය කිරීමට නියමිත බවත් ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගණ තුලට ඇතුලුවීමට තහනම් කර ඇති බව වැඩිදුරටත් පැවසීය. ලොවපුරා සිටින දක්ෂතම පාපන්දු ක්‍රීඩකයන් මෙම තරගාවලියට එක්ව සිටින අතර ලොව ධනාත්මක ක්‍රීඩා සමාජ කීපයක්ම මෙම තරගාවලියට එක්ව සිටියි.

    Latest News