“ව්‍යාජ 20-20 තරගාවලියක්“

ජූලි 04, 2020

    “ඌව ප්‍රිමියර් ලීග්“ ක්‍රිකට් තරගාවලිය ලෙස “ව්‍යාජ 20-20 තරගාවලියක්“ පවත්වා ඔට්ටු තැබීමේ ජාවාරමක නිරතවීම සම්බන්ධයෙන් ඉන්දියාවේ මොහාලි පොලිසිය වැටලීම් රැසක් සිදුකර තිබේ.

    ඊට සම්බන්ධ ඔට්ටු දැමීමේ ස්ථාන 08ක් වටලා පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව, ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

    ශ්‍රී ලංකාවේ සජීවි ක්‍රිකට් තරග යළි ආරම්භ වන බවට පවසමින් මෙලෙස තරගයක් පවත්වා ඇත්තේ ඉන්දියාවේ මොහාලි නගරයේදී. තිලකරත්න ඩිල්ෂාන්, අජන්ත මෙන්ඩිස්, ෆර්වේස් මහරුෆ් වැනි ක්‍රීඩකයින් ද සහභාගි වන බව පවසමින්, මෙලෙස ඔට්ටු තරග සංවිධාන කර ඇත.

    කෙසේ වෙතත්, ෆර්වේස් මහරුෆ් ට්විටර් සටහනක් තබමින් පවසා තිබුණේ, එවැනි තරගාවලියකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි.

    Latest News