එංගලන්ත කණ්ඩායම, යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඉතාලිය සමත්වුණා.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා මධ්‍යම පළාතෙන් තේරී පත්වූ චාමර නුවන් ක්‍රීඩකයා ඇගයීමට ලක් කෙරිණ.

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම තරග සංඛ්‍යාවක් පරාජය වූ රට ලෙස ශ්‍රී ලංකාව ඊයේ ක්‍රිකට් ඉතිහාසයට එක්විය.

ජෛව ආරක්‍ෂණ බුබුළෙන් පිටතට යාම හේතුවෙන් තරග තහනමකට ලක් කෙරුණු, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක එංගලන්තයේ සිට අද (29) පස්වරුවේ දිවයිනට පැමිණියේය.

එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක් සඳහා ගොස් සිටින අතරතුර ඊයේ (27) රාත්‍රී කාලයේ ඩරම් ප්‍රදේශයේ සැරිසැරූ බවට චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව දැඩි තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයඅවධානය යොමු කර තිබේ.

අඛණ්ඩව 5 වැනි වරටත් 20-20 තරගාවලියක් පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

ඉතාලිය සහ ඔස්ට්‍රියාව අතර තරගය පැවැත්වුණේ, එංගලන්තයේ ලන්ඩන් නුවරදී.

යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් කණ්ඩායම් 16 වටයේ තවත් තරග දෙකක් ඊයේ පැවැත්විණ.

දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු 20-20 ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

ඉන්දියානු ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 කාන්තා ධාවන ඉසව්වෙන් රිදි පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා අමාෂා ද සිල්වා සමත්වූවාය.

පළමු ලෝක ටෙස්ට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කේන් විලියම්සන් ප්‍රමුඛ නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින්. තරගය පැවැත්වුණේ, එංගලන්තයේ සවුතම්ටන්හිදී.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර, තරඟ තුනකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලිය අද (23) ආරම්භ කෙරේ.

2021 ලංකා ප්‍රිමියර් ලීග් 20-20 තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අද (21) සිට ඇරඹෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට පැවැත්වෙන අයි.සී.සී. ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය එංගලන්තයේ සවුතම්ටන් හිදී අද (18) ආරම්භ වේ.

අයිසීසී හෝල් ඔෆ් ෆ්ලේම් හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ නාමාවලියට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරගේ නම ද ඇතුළත් කර තිබේ. ඒ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින්.

ඩකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරගයක් අතරතුර විනය විරෝධිව හැසිරුණු බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල්හසන්ට එම තරගාවලියේ තරග තුනක් තහනම් කර තිබේ.

ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශුරතාව දිනා ගැනීමට චෙක් ජාතික බාබරා ක්‍රෙජ්සිකෝවා සමත්වූවාය.

ඉතාලියේ ෆ්ලොරෙන්ස්හි පැවති ෆ්ලොරෙන්ස් ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 100 ඉසව්වට සහභාගි වූ යුපුනු අබේකෝන් එම තරගාවලියක දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු දැක්වූ ඉහළම දක්ෂතාව දැක්වීමට සමත්විය.

එක්දින සහ විස්සයි විස්ස තරඟ සංචාරයක් සඳහා ජුලි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා අරම්භක පිතිකරු ශිකර් ධවාන් පත්කර තිබේ.

Latest News