ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා....

නොවැ 23, 2021

    සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර, පළමු ටෙස්ට් තරගයට වාර්ෂාවෙන් බාධා එල්ල වුණා.

    අද තරගය නතර කරන විට කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 9 ක් දැවී ලකුණු 224 ක් ලබා සිටියා. තෙවැනි දිනට තරගය ආරම්භ කරන විට කෙදෙව් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 113 ක් ලබා සිටියා. නොදැවී පන්දුවට පහර දෙමින් සිටියේ, කයිල් මේයර් සහ ජේසන් හෝල්ඩර්.

    පළමු කඩුල්ල ලෙස මේයර් ලකුණු 45 කට දැවී ගියා. ජේසන් හෝල්ඩර් ලකුණු 36 යි. පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රවීන් ජයවික්‍රම කඩලු 3 බැගින් දවාගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 386 ක් රැස් කළා.

    Last modified on අඟහරුවාදා, 23 නොවැම්බර් 2021 20:21

    Latest News