කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ යයි...

නොවැ 16, 2021

    2022 කාන්තා එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගවලට සහභාගීවීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම සිම්බාබ්වේ බලා පිටත්ව ගියා.

    ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, චමරි අතපත්තු විසින්. සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 9 ක් සහභාගී වනවා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පසුගියදා පෙර පුහුණු කඳවුරු 3 කට ද සහභාගී වුණා. කණ්ඩායමේ පුහුණුකරු වන්නේ, හිටපු ටෙස්ට් නායක හෂාන් තිලකරත්නයි.

    සුදුසුකම් ලබාගැනීමේ තරගවලදී ශ්‍රී ලංකාව "ඒ" කාණ්ඩයෙන් තරග වදිනවා. එම කාණ්ඩයට බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය සහ නෙදර්ලන්තය ඇතුළත්. පැපුවා නිව්ගිනියා කණ්ඩායම ද මෙම කාණ්ඩයට ඇතුළත්ව සිටියත්, කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට කොවිඩ් ආසාදනය වීම නිසා තරගවලින් ඉවත්වීමට සිදුවුණා.

    Latest News