ශ්‍රී ලංකා - කොදෙව් පළමු ටෙස්ට් තරගය හෙට

නොවැ 20, 2021

    ශ්‍රී ලංකාව සහ බටහිර ‍ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වෙයි.

    තරගාවලියට සහභාගී වීම සඳහා ක්‍රීඩකයින් 22 දෙදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ඊයේ ප්‍රකාශයට පත් කළේය.

    කණ්ඩායමේ නායකයා දිමුත් කරුණාරත්න. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන ඇන්ජෙලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ද නම් කළ සංචිතයට ඇතුළත්.

    20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක්වූ පැතුම් නිස්සංක, චරිත් අසලංක සහ චාමික කරුණාරත්න ද ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ.

    හෙට තරගයට සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පුහුණුවීම් සිදුකළේ. ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම් අතර මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් ක්‍රිකට් සංඛ්‍යාව 22ක්.

    ඉන් තරග 9ක් ශ්‍රී ලංකාව ජයගත් අතර තරග 4ක් පරාජයට පත්විය. තරග 9ක් අවස් වුනේ ජය පරාජයෙන් තොරවයි.

    Latest News