20-20 ලෝක කුසලාන කිරුළ ඔස්ට්‍රේලියාවට

නොවැ 15, 2021

    සිය ප්‍රථම 20-20 ලෝක කුසලාන කිරුළ දිනා ගැනීමට, ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් විය.

    ඒ අවසන් තරගයේ දී නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්. නවසීලන්ත කණ්ඩායම 20-20 ලෝක කුසලාන අවසන් මහා තරගයට පැමිණි ප්‍රථම අවස්ථාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පැමිණි දෙවැනි අවස්ථාවද මෙයයි.

    කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ආරෝන් ෆින්ච් පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායමට ලබා දුන්නේය. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 172ක් රැස් කළේය.

    නායක කේන් විලියම්සන් ලකුණු 85ක්. එයට පන්දු 48ක් තුළ 6 පහරවල් 3ක් සහ 4 පහරවල් 10ක් ඇතුළත්.

    20-20 ලෝක කුසලාන අවසන් මහා තරගයක් තුළ දී ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව සම කිරීමට ද ඔහු සමත් විය. ඒ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක මාලන් සැමුවෙල් 2016 අවසන් මහා තරගයේ දී ලකුණු 85ක් ලබාගෙන තිබූ වාර්තාවයි.

    2009 වසරේ දී පන්දුවාර 20-20 ලෝක කුසලාන අවසන් මහා තරගයක දී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් නායකයා ලෙස කුමාර සංගක්කාර තැබූ වාර්තාවද බිඳ හෙළීමටද කේන් විලියම්සන් සමත්විය. පන්දු යැවීමේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ජොෂ් හේසල්වුඩ් කඩුළු 3ක් දවා ගත්තේය.

    ලකුණු 172 හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම, පන්දු වාර 18 පන්දු 5කදී කඩුළු 2 දැවී සිය ජයග්‍රහනය වාර්තා කළේය. ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් වෝනර් ලකුණු 53යි. එයට 4 පහර 4ක් සහ 6 පහරවල් 3 ඇතුළත්. මිචෙල් මාෂ් නොදැවී ලකුණු 77 රැස් කළේය. එයට 4 පහරවල් 6ක් හා 6 පහරවල් 4ක් ඇතුළත්.

    අවසන් තරගයේ වීරයා මිචෙල් මාෂ් හිමිකර ගත් අතර. තරගාවලියේ වීරයා වූයේ ඩේවිඩ් වොනර්ක්.

    Latest News