යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලිය, සුගතදාස ක්‍රීඩාංගනයේ දී 

නොවැ 22, 2021

    57 වැනි යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලිය, අද කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ කෙරුණා.

    තරගාවලිය පැවැත්වෙන්නේ, යුද හමුදාපති ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේයි. අද සිට දින 5 ක් පුරා තරගාවලිය පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය කරමින්, මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලියට එක්ව සිටිනවා.

    තරගාවලිය ආරම්භ කරමින්, ඔලිම්පික් පහන දල්වනු ලැබුවේ, ජාතික මට්ටමේ මලල ක්‍රීඩකයන් වන ග්‍රේෂන් ධනංජය සහ නිලානි රත්නායක විසින්. අද ආරම්භක දිනයේ දී සහය දිවීමේ අවසන් තරග 10 ක් පැවැත්වුණා.

    Latest News