බටහිර ඉන්දීය කොදෙව් පිල දිවයිනට.... (වීඩියෝ)

නොවැ 08, 2021
  • ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරග දෙකකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අද (08) උදේ දිවයිනට පැමිණියා.

    පළමු තරගය ලබන 21 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. 16 දෙනෙකුගෙන් යුත් කොදෙව් කණ්ඩායමේ නායකයා ක්‍රේග් බ්‍රැත්වෙයිට්. තරගාවලියේ දෙවැනි තරගය ආරම්භ වන්නේ 29 වැනිදායි. එම තරගය පැවැත්වෙන්නේ ද ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගාවලිය ආරම්භයට පෙර කොදෙව් කණ්ඩායම සිව්දින පුහුණු තරගයකට ද සහභාගි වීමට නියමිතයි.

    Latest News