දෙවන දිනයේදී ශ්‍රී ලංකාවට වැඩි වාසි...

නොවැ 22, 2021

    සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර, පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

    පන්දුවට පහර දෙමින් සිටින, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩයම දිනය නිමාවන විට, සිය පළමු ඉනිම සඳහා කඩුලු 6 ක් දැවී ලකුණු 113 ක් ලබා සිටියා. දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 3 ක් දැවී, ලකුනු 267 ක් ලබා සිටියා. නොදැවී පන්දුවට පහරදෙමින් සිටියේ, නායක දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වායි.

    අද පළමු කඩුල්ල ලෙස ධනංජය ලකුණු 61 කට දැවී ගිය අතර, දිමුත් කරුණාරත්න ලබාගත් ලකුණු සංඛ්‍යාව 147 ක්. ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා ලකුණු 386 ක් ලබාගත්තා. පන්දු යැවීමේදී රොස්ටන් චේස්, ලකුණු 83 කට කඩුළු 5 ක් බිඳහෙලුවා. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් නායක ක්‍රෙග් බ්‍රැට්වෙයිට් ලකුණු 41 ක් රැස්කළා. පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් කඩලු 3 ක් සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 2 ක් බිඳහෙලුවා.

    Latest News