ශ්‍රී ලංකා-කොදෙව් පළමු ටෙස්ට් තරගය ඇරඹේ

නොවැ 21, 2021

    සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (21) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ නායක දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක. ඔවුන් දෙදෙනා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නා. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කිසිවෙකු නොදැවී ලකුණු 61ක් ලබා සිටියා. දිමුත් කරුණාරත්න ලකුණු 32යි. පැතුම් නිස්සංක ලකුණු 25ක් ලබා සිටියා.

    Latest News