සිව්කොන් පාපන්දු තරගාවලියේ අවසන් තරගය හෙට

නොවැ 18, 2021

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ අවසන් තරගය හෙට පැවැත්වෙනවා.

    ඒ, සත්කාරක ශ්‍රී ලංකාව සහ සී ෂෙල්ස් කණ්ඩායම අතර.  තරගය කොළඹ තුරග තරග පිටියේදී හෙට රාත්‍රී 07.00 ට ආරම්භවීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක අවසන් තරගයට සහභාගී වන්නේ, 2006 වසරෙන් පසුවයි. ශ්‍රී ලංකාව, මාලදිවයින අතර පැවති පළමු තරගය ගෝල 04 ට 04 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුණා. අනතුරුව, සී ශෙල්ස් කන්ඩායම හමුවේ පරාජය වුණා.

    ශ්‍රී ලංකාව පළමු වටයේ සහභාගී වූ තෙවන තරගයෙන් බංග්ලාදේශය පරාද අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. හෙට අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන සී ෂෙල්ස් කණ්ඩායම මූලික වටයේ තරග 3 කට සහභාගී වූ අතර, එක් තරගයක් ජයගෙන අනෙක් තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.

    මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත් වුණේ, වසීම් රාසික්. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් ලබාගත් ගේල හයේම හිමිකරුවා වන්නේ ඔහුයි. ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව 204 වන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවනවා. සී ෂෙල්ස් කණ්ඩායම ශ්‍රේණිගත කිරීම් ලේඛණයේ පසුවන්නේ, 199 වැනි ස්ථානයේ යි, සුජාන් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනවා.

    Latest News