සංචාරක එංගලන්ත කණ්ඩායමට වාර්තා ගත පරාජයක් අත්කර දෙමින් දිගින් දිගටම එක්දින පිටියේ අසාර්ථක වෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඊයේ (23) සමත්විය.

ලොව පුරා ප්‍රේක්ෂකයින් අතර ප්‍රසිද්ධියක් උසුලන සුපිරි රෙස්ලින් ක්‍රීඩක රෝමන් රෙයින්ස් පිළිකා රෝගයෙන් පෙළෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට තුන්ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා නම් කර තිබේ.

වමත් දඟ පන්දු යවන්නන් අතර වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් දඟ පන්දු යවන්නා වශයෙන් ක්‍රිකට් වාර්තා පොතට එක්ව සිටින රංගන හේරත් ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර සිටියි.

යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමී වසන්ති මාර්ස්ටෙලා ක්‍රීඩිකාව අද (20) උදෑසන දිවයිනට පැමිණියාය.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදි එළැඹෙන මස 09 සිට 24 දක්වා පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි20 ලොක කුසලාන ක්‍රිකට් තරගාවලියේදි ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට හිමිව තිබේ.

ක්‍රිකට් ක්‍රීඩකයන් තරඟ පාවාදීම්වලට පොළඹවන බුකීකරුවන් 20 දෙනෙකු පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) වාර්තා කරයි.

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරඟය කඩුලු 07කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

ඉදිරියේදී පන්දු යවන්නකු ලෙස ද ශ්‍රී ලංකා පිලට සිය දායකත්වය එක් කිරීමට සූදානම් බව කුසල් මෙන්ඩිස් කියයි.

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා වෙනුවට සදීර සමරවික්‍රම කණ්ඩායමට කැඳවීමට නියමිත බව වාර්තා වේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් සිය නීතිඥවරුන් කරුණු දැක්වීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පවසයි.

අජන්ටිනාවේ පැවැත්වෙන යුත් ඔලිම්පික් උළෙලේදි ශ්‍රි ලංකාව නියෝජනය කළ පාරමී වසන්ති මාරිස්ටෙලා ෆර්නැන්ඩු ලෝකඩ පදක්කමක් හිමි කර ගෙන තිබේ.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්දන නීති සංග්‍රහයේ වගන්ති දෙකක් කඩකිරීම සම්බන්ධයෙන් සනත් ජයසූරි මහතාට බරපතළ චෝදනා එල්ලවී තිබේ.

Latest News