ශ්‍රී ලංකා පිලට තරගය ජයගැනීමට ලකුණු 515ක ඉලක්කයක්

පෙබ 03, 2019

    ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.

    අද දිනය නිමාවන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කිසිවෙකු නොදැවී ලකුණු 17ක් ලබා සිටියා. ශ්‍රී ලංකාව පළමු ඉනිමට සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළේ ලකුණු 215ක් පමණයි.

    තරගය පැවැත්වෙන්නේ කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ දී. අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 123ක් ලබා සිටියා. නොදැවී පන්දුවට පහර දෙමින් සිටියේ කුසල් ජනිත් පෙරේරා සහ ධනංජය ද සිල්වායි. ලකුණු 29ක් ලබා සිටියදී කුසල් ජනිත් පන්දුවක් හිසෙහි වැදීම නිසා පිටියෙන් ඉවත්ව ගියා.

    ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 25 බැගින් ලබාගත්තා. පන්දු යැවීමේදී මිචෙල් ස්ටාර්ක් ලකුණු 54කට කඩුලු 5ක් බිඳහෙලුවා. අනතුරුව ඔස්ට්‍රේලියාව සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට පිටියට පිවිසියා.

    ඉනිම ආරම්භ කළේ මාර්කස් හැරිස් සහ ජේ බාර්න්ස්. හැරිස් ලකුණු 14ටත්, බර්න්ස් ලකුණු 9ත් දැවී ගියා. දක්ෂ පිතිහරඹයක නිරතවූ උස්වාන් කවාජා අද වාර්තා කළේ තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 8 වැනි ශතකයයි. කඩුලු 3ක් දැවී ලකුණු 196ක් ලබා සිටියදී ඔස්ට්‍රේලියාව සිය දෙවන ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

    ශ්‍රී ලංකාවට තරගය ජයගැනීමට සඳහා ලකුණු 515ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබෙනවා.

    Latest News