නවක ක්‍රීඩකයින්ට වැඩි අවස්ථාවක්

ජන 31, 2019

    ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නවක ක්‍රීඩකයින්ට වැඩි අවස්ථාවක් ලබාදෙන බව, ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පවසයි.

    දෙරට අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (01) ඔස්ට්‍රේලියාවේ කැන්බරාහිදී ආරම්භවේ. ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 40කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වූහ.

    හෙට තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත්වේ. තරගය ජාතික රූපවාහිනියේ අයි නාලිකාව ඔස්සේ අලුයම 5.00 සිට සජිව ලෙස විකාශය කෙරේ.

    Latest News