ශ්‍රී ලංකා-ද.අප්‍රිකා පළමු ටෙස්ට් තරගය හෙට

පෙබ 12, 2019

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ඩර්බන්හි කිංන්ග්ස්මීඩ් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

    දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාව මෙහෙයවන පළමු තරගය මෙයයි. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පවත්වා ඇති ටෙස්ට් ක්‍රිකට් තරග සංඛ්‍යාව 24ක්. ඉන් තරග 14ක් දකුණු අප්‍රිකාව ජයගත් අතර, ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 7ක් පමණි. තරග 6ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

    ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථා 5කදී එරට ටෙස්ට් ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගි වී තිබුණ ද, කිසිදු තරගාවලියක් ජයගෙන නොමැත. අවසන් වරට 2016-2017 තරග සමයේ දකුණු අප්‍රිකාවේ සංචාරය කළ ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය පරාජයට පත්වූයේ 3-0ක් ලෙසයි.

    හෙට තරගය පැවැත්වෙන ඩර්බන් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවත්, දකුණු අප්‍රිකාවත් තරග දෙකකට සහභාගි වී තිබේ. ඉන් එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර, අනෙක් තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 208කින්.

    Latest News