පරාජයේ මාවතෙන් මිදී කුසල්ගේ කරමතින් ලැබු ජයක්

පෙබ 16, 2019

    දකුණු අප්‍රිකාව සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී එක් කඩුල්ලක ඓතිහාසික ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) වාර්තා කළේය.

    ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 304ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.

    ඒ අනුව දෙවන ඉනිම ආරම්භකළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න අතර ලකුණු 42ක සම්බන්ධතාවක් ගොඩ නැංවිණ. එහිදී ලකුණු 21ක් ලබා සිටි ලහිරු තිරිමාන්න දෙවන ඉනිමේදී ද අසාර්ථක අන්දමින් දැවී ගියේය. ඉන් අනතුරුව දෙවන කඩුල්ල ලෙස පිටියට පිවිසියේ නවක ක්‍රීඩක ඕෂධ ප්‍රනාන්දුයි. එසේ වුවද දිමුත් කරුණාරත්න ද ලකුණු 20ක් ලබාසිටියදී දැවී ගිය අතර, ඉන් අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ලකුණු නොලබාම දැවී ගියේය. හතරවන කඩුල්ල ලෙස කුසල් ජනිත් සහ ඕෂධ ප්‍රනාන්දු අතර ලකුණු 58ක සබඳතාවක් ගොඩනැඟුණු අතර ඕෂධ ප්‍රනාන්දු ලකුණ 37 ලබා සිටියදි ඩෙල් ස්ටේයින්ගේ පන්දුවකට ඩුප්ස්ලි වෙත උඩ පන්දුවක් ලබාදීමෙන් දැවී ගියා.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ස්ථාවර අඩිතාලම ලැබුණේ කුසල් ජනිත් පෙරේරා සහ ධනන්ජය ද සිල්වා අතර හයවන කඩුල්ල සඳහා පැවති ලකුණු 94ක සම්බන්ධතාවයි. ධනංජය ද සිල්වා ලකුණු 48ක් ලබා සිටියදී දැවී ගියා.

    ඉන් අනතුරුව පිටියට පිවිසි පසුපෙළ ක්‍රීඩකයින් වන සුරංග ලක්මාල්, ලසිත් ඇඹුල්දෙණිය සහ කසුන් රාජිත ඉතා පහසුවෙන් දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත්වූහ.

    අවසන් කඩුල්ල ලෙස පිටියට පිවිසි විශ්ව ප්‍රනාන්දු තරගයේ නියමුවා වූ කුසල් ජනිත්ට අනගි සහයක් ලබාදෙමින් තරගය අවසානය තෙක් කඩුල්ලේ රැඳී සිටිමට සමත්විය. කුසල් ජනිත් සහ විශ්ව ප්‍රනාන්දු අතර අවසන් කඩුල්ල සඳහා ලකුණු 79ක අගනා සම්බන්ධතාවක් ගොඩනැංවිණ. එ අනුව කුසල් ජනිත් ඉතා පළපුරුදු ක්‍රීඩකයෙකු ලෙස විශ්ව ප්‍රනාන්දු සමඟ කඩුල්ලේ රැඳෙමින් ජයග්‍රාහී ලකුණු 304 සීමාව පසුකර යාමට සමත්විය.

    කුසල් ජනිත් පෙරේරා පන්දු 200ක් කඩුල්ලේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 153ක් රැස්කරගත් අතර, එයට හතරේ පහර 12ක් සහ හයේ පහර 05ක් ඇතුළත්විය. විශ්ව ප්‍රනාන්දු නොදැවී ලකුණු 06ක් ලබාගත්තේය.

    කේෂව් මහරාජ් ලකුණු 71කට කඩුලු 03ක් ද, ඩෙල් ස්ටෙයින් ලකුණු 71කට කඩුලු 02ක් දවාගත්තේය.

    දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය ප්‍රථම ඉනිම සඳහා ලකුණු 235ක් රැස් කළේය. ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම ඉනිමේදී සියලු දෙනාම දැවී රැස් කරගත්තේ ලකුණු 191කි. ඒ අනුව ලකුණු 44ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකාව ලකුණු 259ක් රැස් කළේය. 

    මෙය දකුණු අප්‍රිකානු තණ තීරුවක් තුළ ලකුණු හඹායමින් ලැබූ තෙවන වැඩිම ලකුණු ජයග්‍රහණය වේ. ශ්‍රි ලංකාව වසර 08 පසු දකුණු අප්‍රිකාවේදී ලැබු ප්‍රථම ජයග්‍රහණයයි.

    Last modified on සෙනසුරාදා, 16 පෙබරවාරි 2019 20:40

    Latest News