ICCයේ සහන කාලය හෙටින්(31) අවසන්

ජන 30, 2019

    ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය වංචා සම්බන්ධ තොරතුරු සැපයීමට ලබාදී තිබූ සහන කාලය තුළ යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

    මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දුෂණ, වංචා පිළිබඳව තොරතුරු ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ජනවාරි 16 වැනිදා සිට 31 දක්වා දින 15ක සහන කාලයක් ලබා දී තිබේ. මෙම සහන කාලය ප්‍රයෝජනට ගනිමින් ක්‍රිඩා තහනමට ලක්වීමේ අවධානමෙන් මිදෙන ලෙස ICCය වැඩිදුරටත් අවධාරණය කරයි.

    මෙවැනි සහන කාලයක් ලබා දුන් පළමු අවස්ථාව මෙය වේ. ශ්‍රී ලංකාවට විශේෂ වූ හේතූන් මත මේ අවස්ථාව ලබාදුන් බව එහි සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් පවසයි. සහන කාලය තුළ නවතම තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවී තිබෙන බව පැවසේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට ද තොරතුරු ලබා දෙන ලෙස ICCය දන්වා ඇත.

    ක්‍රීඩාවට සම්බන්ධ ඕනෑම අයෙකු තොරතුරු ලබාදීමට අපොහොසත් වුවහොත් වසර 5ක තහනමකට ලක්විය හැකිය.

    පසුගිය දා සනත් ජයසූරිය ඇතුළ හිටපු ක්‍රීඩයකයින් තිදෙනෙකුට ICC ය දූෂණ චෝදනා ගොනු කර තිබිණ. ඊට නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ යන ක්‍රීඩකයින් ඇතුලත් වේ.

    Latest News