ජෝයි-ට්‍රෙවිස් - ලකුණු 308ක සබඳතාවක්

පෙබ 01, 2019

    ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ විය. කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

    පළමු දිනය නිමාවන විට ඔස්ට්‍රේලියානු පිල කඩුලු 4ක් දැවී ලකුණු 384ක් ලබා සිටියේය. ඔස්ට්‍රේලියානු පිලේ මුල් කඩුලු 3 ලකුණු 28කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වූහ. චාමික කරුණාරත්න සිය පළමු ටෙස් ක්‍රිකට් තරගයේ ප්‍රථම කඩුල්ල දවා ගැනීමට අද සමත්වීම විශේෂත්වයක් විය.

    කෙසේ වුවද ජෝයි බර්න්ස් සහ ට්‍රෙවිස් හෙඩ් විශිෂ්ට සබඳතාවක් ගොඩනැගීමට සමත්වූහ. ජෝයි බර්න්ස් සිය ටෙස්ට් දිවියේ සිව්වන ශතකය ද සමඟ නොදැවී ලකුණු 172ක් ලබාගත්තේය. ට්‍රෙවිස් හෙඩ් සිය ටෙස්ට් දිවියේ පළමු ශතකය සමඟ ලබාගත් ලකුණු සංඛ්‍යාව 161ක්. ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ල සඳහා ගොඩනැඟු සබඳතාව ලකුණු 308ක්.

    හෙට තරගයේ දෙවැනි දිනයයි.

    Latest News