ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ නායකත්වයට සුරංග ලක්මාල් පත්කර ඇත.

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දී නාවික හමුදාව සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 211කින් ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම අද සමත් විය.

ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කිසිවෙකු නොදැවී ලකුණු 15ක් ලබා සිටී. 

අද තරගයේ දෙවැනි දිනය වූ අතර එංගලන්ත කණ්ඩායම ප්‍රථම ඉනිම සඳහා කඩුලු 08කට ලකුණු 321ක් රැස්කරගෙන සිටියදී දිනය ආරම්භ කෙරිණ.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ එංගලන්ත ප්‍රථම ඉණිම ලකුණු 342කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනවූ අද තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 321ක් රැස්කර ගැනීමට සමත්වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වමතින් පාඳග පන්දු වයන රංගන හේරත් සිය ටෙස්ට් ක්‍රිකට් ජිවිතයේදී ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ටෙස්ට් කඩුළු 100ක් බිඳ හෙලීමට සමත්වෙයි. 

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දී ඇරඹුණා.

පාසල් ක්‍රීකට් කණ්ඩායම් 225 ක් සඳහා ලෙදර් බෝල 7680 ක් 19න් පහළ පාසල් ක්‍රීකට් තරඟවලි සඳහා පිරිනැමුණි.

තරග පාවාදීමේ චෝදනා සම්බන්ධ, පරීක්‍ෂණ විධිමත් කරන ලෙස, ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් තමාගෙන් ඉල්ලා සිටි බව, අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා. අද සවස මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ජාවකදී ඒ ගැන අදහස් පළ කළ අමාත්‍යවරයා...

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 08කින් ජය ගැනීමට බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම සමත්වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාට වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

එංගලන්තය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර දෙදින පුහුණු තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිගේ පිල අතර දෙදින පුහුණු තරගයේදී පන්දුවක් හිසේ වැදීමෙන් පැතුම් නිශ්ශංක රෝහල් ගතකර තිබේ.

එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර දෙදින පුහුණු ක්‍රිකට් තරගය අද ආරම්භ වුණා. ඒ, කොළඹ එන්.සී.සී.ක්‍රීඩාංගණයේදී.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවති 20-20 තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 30කින් පරාජයට පත්විය.
යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ පදක්කම් ලාභි පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට මාසිකව රුපියල් 25,000 ක් බැගින් පිරිනැමීට අධ්‍යාපන අමාත්‍යංශය තිරණය කර තිබේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමේ බලය පැවරෙන නිලවරණ කමිටුව පත් කෙරෙන විශේෂ මහා සභා රැස්වීම ලබන මස 12වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි ක‍්‍රීඩා අමාත්‍යංශ ආරංචිමාර්ග වාර්තා කරයි.

ලබන නොවැම්බර් මාසයේ දී ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලෝක කණිෂ්ඨ චෙස් ශූරතාවයේ වයස අවුරුදු 10න් පහළ කාණ්ඩයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සපුගස්කන්ද යොෂීඩා විද්‍යාලයේ තරුලි විහස්නා රංගනාත් දියණිය සහභාගී වීමට නියමිතය.

Latest News