ක්‍රීඩකයින් තේරීමේදී ප්‍රධාන පුහුණුකරුට හිමි බලය අහෝසි කෙරේ

ජන 30, 2019

    ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් තේරීමේදී ප්‍රධාන පුහුණුකරුට හිමි බලතල අහෝසි කිරීමට පියවර ගෙන තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව කියා සිටියා. ක්‍රිකට් තරග සංචාරයක් අතරතුර කණ්ඩායම තේරීමේ බලය ද තේරීම් කමිටුවට පැවරීමටයි, ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරියා පියවර ගෙන ඇත්තේ.

    නම් කළ සංචිතයකින් තරග සංචාරයක් අතරතුරදී තරගයකට කණ්ඩායම නම් කිරීමේ බලය මෙතෙක් පැවතුණේ, කණ්ඩායමේ නායක, කළමනාකරු සහ ප්‍රධාන පුහුණුකරු සතුවයි.

    නව තීරණයට අනුව, නායකයා කළමනාකරු සහ තේරීම් කමිටුවට මෙම බලය පැවරෙනවා. පුහුණුකරුට හිමිවන්නේ සිය මතය ඉදිරිපත් කිරීමේ අවස්ථාව පමණයි.

    Latest News