ක්‍රිකට් අර්බුදය ගැන සාකච්ජා

පෙබ 10, 2019

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අර්බුදය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සිව් දෙනෙකු සමඟ විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.

    ඊයේ පස්වරු 6.00ට ආරම්භ වූ සාකච්ජාව, පැය දෙකකට අධික කාලයක් පැවති බව වාර්තාවේ. සාකච්ජාව සඳහා ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, තිසර පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් එක්වූහ.

    එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර කණ්ඩායමේ පවතින ගැටලුකාරී තත්වය විසඳාගත යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ. කණ්ඩායමක් ලෙස සමගියෙන් ඉදිරි තරග සඳහා මුහුණ දිය යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.

    Latest News