අකිල ඉරියව් පරික්ෂාවට ඉන්දියාවට

පෙබ 01, 2019

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක, අකිල ධනංජයයේ පන්දු යැවීමේ ඉරියව්ව, නිරික්ෂණයට අද ඉන්දියාව බලා පිටත්ව යයි.

    ඒ අනුව ඔහු චෙන්නාහි ක්‍රීඩා වෛද්‍යා ආයතනයේදී මෙම පරික්ෂණයට සහභාගිවනු ඇත. 

    අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ 2018 වසරේ පැවැති ශ්‍රි ලංකාව සහ එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගයේදීය. පසුව කළ පරික්ෂණ අනුව අකිල ධනංජයගේ පන්දුව එල්ල කිරීමේ කෝණය, දැනට පවතින ක්‍රිකට් නීති යටතේ, අංශක 15 ආනතිය ඉක්මවන බව පවසමින්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහුට තරග තහනමක් පනවා තිබේ.

    තහනම පැනවීමෙන් ඉරියව් නිවැරදී කර ගැනිමේ පුහුණුවීම් අකිල ධනංජය විසින් දෙසැම්බර් 12 වැනිදා ආරම්භ කළේය. ඒ අනුව පන්දු යැවිමේ ඉරියව් නිවැරදි කර ගැනිමෙන් පසු ඔහු අද ඉන්දියාවේ පැවැත්වෙන පරික්ෂණයට සහභාගී වේ.

    Latest News