එක්දින නායකත්වය මාලිංගට - අකිලගේ තහනම ඉවතට

පෙබ 18, 2019

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් 17 දෙනෙකුගේ සංචිතයක් නම්කර තිබේ.

    ඊට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය ලැබී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තහනමකට ලක්ව සිටි අකිල ධනන්ජය ද මේ සංචිතයට ඇතුලත්වේ.

    පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධයෙන් ඔහුට එල්ල වී ඇති චෝදනාවලින් මේ වනවිට නිදහස් වී තිබිමෙන් පසුවයි. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එක්දින තරග 05ක් සහ 20-20 තරග 03ක් පැවැත්විමට නියමිතයි. දෙරට අතර ප්‍රථම එක්දින තරගය මාර්තු 03 වැනිදා ජොහැන්ස්බර්ග් හි ද වොන්ඩර් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

    Media Release SLCM201913

    Last modified on සිකුරාදා, 22 පෙබරවාරි 2019 17:18

    Latest News